Monday, August 1, 2011

මේ කථාව ඔබෙයි මගෙයි.
අපි දෙන්නගේ විතරමයි.
මේ ඔබෙයි මගෙයි ජිවිතේ..

පොළොව දුක් විදින තරමටම
අහසත් දුක් විදිනවා..

පොළොව විදින දුක්
අහසට දැනෙන තරමටම
අහස දුක් විදින තරම
පොළොවටත් දැනෙනවා..

ඔබයි ..මමයි..
අහසයි-පොළොවයි
කිසිදාක වෙන්නොවන..
එකට ඉපදුනු
එකටම බැදුනු..
ජීවිතේ..
කටුක දුක් මැද
ඔබ..
මගේ
විඩාපත් ඇස් මත
සොදුරු සිහිනය..